T20 ලෝක කුසලානයට යන සිංහයන් නම් කෙරේ

20යි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. සංචිතයේ නායකත්වය පවරා ඇත්තේ දසුන් ශානකටයි.
ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා මෙම සංචිතයට ඇතුලත්.
එමෙන්ම වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, දිල්ෂාන් මදුෂංක සහ ප්‍රමෝද් මදුෂාන් ද ශ්‍රී ලංකා සංචිතයට නම්කර තිබෙනවා.
අතිරේක ක්‍රීඩකයින් ලෙස අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු සහ නවිඳු ප්‍රනාන්දු සංචිතයට නම්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබන දෙවනදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත අතර අතිරේක ක්‍රීඩකයන් වන අශේන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රම එම කණ්ඩායම සමඟ පිටත්ව යනු ඇති.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ගනු ලැබූ මෙම මෙම සංචිතය සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය ද හිමි වුණා.


