වැඩ බලන මුදල් අමාත්‍ය ධූරයට රංජිත් සියඹලාපිටිය

වැඩ බලන මුදල් අමාත්‍ය ධූරයට රංජිත් සියඹලාපිටිය

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබෙනවා.

ඒ එම අමාත්‍ය ධුරයන් දරණ ජනාධිපතිවරයා දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යය බලා පිටව ගොස් ඇති නිසාවෙන්

ඒ අනුව ජනාධිපතිවරයා අදාළ සංචාරය නිමා කරමින් නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්වීම වලංගු වනවා.

මේ අතර වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම ව පත්කර තිබෙනවා.