ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරුන්ට නිදහස් පක්ෂයේ තටු කැපෙයි

ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරුන්ට නිදහස් පක්ෂයේ තටු කැපෙයි

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදුවනු ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් අදාළ තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් පක්ෂයේ මතයට එරෙහිව ගොස් ආණ්ඩුවට සහය දැක්වූ සාමාජිකයන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට අදහස් කරමින් සිටියද පක්ෂයෙන් ඔවුන් ඉවත් නොකරන බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර දරයි.

එමෙන්ම එම පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, පක්ෂයේ උප ලේකම්වරුන් වන ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක ද වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරවල පසුගියදා දිවුරුම් දී තිබුණි.