තනතුරු ලබාගත් අයට විනය පරීක්ෂණ කරනවට වැඩිය රටේ ප්‍රශ්න විසඳීම වැදගත් – මෛත්‍රී

ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු ලබාගත් නිදහස් පක්ෂ සාමාජිකයින්ට විනය පරීක්ෂණ කිරීම පිළිබඳව කතා කිරීමට වඩා රටේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම වැදගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද (18) පෙරවරුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
රට ගොඩගැනීමට තරුණයින්ට අවස්ථාවක් ලබාදිය යුතු බවත්, ඒ සඳහා තරුණ අදහස් ලබාගත යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.
තරුණයින්ගේ නව අදහස් වත්මන් ආණ්ඩුවට මෙන්ම තමන් වෙත ද ලැබී ඇති බවයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ.

