නන්මඩෝල් සුළි කුණාටුව ජපානය දෙසට – මිලියන 2ක ජනතාවට ඉවත් වෙන්නැයි නියෝග

ජපානයේ කියුෂු දූපත් ආශ්රිත ප්‍රදේශයෙන්, මිලියන 2 කට ආසන්න ජනතාවට ඉවත් වන්නැයි නියෝග කර තිබේ.
නන්මඩෝල් ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම මෙම නිවේදනය සඳහා හේතු වී තිබේ.
පැයට කිලෝමීටර 270 ක වේගයෙන් සුළි කුණාටුව හමායන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ජපාන ආපදා අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ, සුළි කුණාටුවෙන් කගෝෂිමා, මියසාකි සහ ඒමකුසා නගරවලට වැඩි බලපෑමක් එල්ල විය හැකි බවය.
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 500ක පමණ වැසි ඇතිවිය හැකි බවට ද පුරෝකථනය කර තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, සුළි කුණාටුව හේතුවෙන් ඉරිදා සහ සඳුදා යන දෙදින ඇතැම් දුම්රිය සේවාවන් ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
ඒ හේතුවෙන් ගුවන් ගමන්වාර රැසක් අවලංගු කෙරිණි.

