මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන විශේෂ දැනුවත් කිරීමක්

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන විශේෂ දැනුවත් කිරීමක්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹුණු එකඟතාවය පිළිබඳව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳව ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම බාහිර ණය හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් 23 වනදා පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් උපදේශන සේවා සපයන ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම විසින් එම දැනුවත් කිරීම මාර්ගගත සාකච්ඡාවක් ඔස්සේ සිදුකරනු ඇති බව සඳහන්.