ආණ්ඩුවට ගම්මන්පිලගෙන් අනතුරු ඇඟවීමක්

මෙවර මානව හිමිකම් කොමිෂමේ දී ග්‍රී ලංකාවට එරෙහිව යොජනාවක් සම්මත වුවහොත් එම යෝජනාවේ අඩංගු කරුණු ලංකාවට ආධාර ලබාදී්මේ කොන්දේසි බවට පත්වීමේ අවදානමක් තිබෙන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ උදය ගම්මන්පිල මේ බව සදහන් කළේ පිවිතුරු හෙළ උරුමය මුලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවේ දීය.
මෙවර යෝජනාවට පක්ෂව ජන්ද 24 ක් විරුද්ධව ජන්ද 11 ක් සහ රටවල් 12 ක් ජන්දය දීමෙන් වැලකි සිටීමට ඉඩ ඇති බවත් මෙම තත්වය වෙනස් කිරිම සඳහා ආණ්ඩුවට තවමත් අවස්ථාව ඇතැයිද සඳහන් කරයි. මෙබදු තත්ත්වයක් ඇතිවන බව තම පක්ෂය කලින් දුටු බවත් ඒ පිළිබදව ආණ්ඩුවට දැනුම් දුන්නත් ඇහුම්කන් නොදුන් බව ගම්මන්පිල මහතා පවසයි.

