රැජිණට අවසන් ගෞරව දැක්වීම අවසන්

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට දී තිබූ කාලය අද මෙරට වේලාවෙන් පෙරවරු 11.20ට (බ්‍රිතාන්‍ය වේලාවන් පෙරවරු 6.00ට) අවසන් විය. දේහය බකිංහැම් මාලිගයේ වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබුණි.
අවසන් ගෞරව දැක්වීම සඳහා ශාලාව හරහා ගිය අවසන් පුද්ගලයා වූයේ සාමි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාවූ බ්ලැක් රොඩ් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ
එරට වේලාවෙන් උදෑසන 8 වනවිට අවසන් දේවමෙහෙය සඳහා සහභාගිවීමට ලෝක නායකයන්ගේ සිට අපේක්ෂා කරන අමුත්තන් 2,000කට වැඩි පිරිසක් සඳහා පැමිණීමට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයෙහි දොරවල් විවෘත වනු ඇති
අද(19) දින දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය පෙරහැර නැරඹීමට ලන්ඩන්හි සහ වින්ඩ්සර්හි ජනතාව රැස්ව සිටින අතර දේහය රැගෙන යන මාර්ගය දිගේ නැරඹුම් ස්ථානවල බොහෝ දෙනෙක් රැඳී සිටින බවද සඳහන් වනවා
අවමංගල්‍ය පෙරහැර සඳහා සුදානම් වෙමින් පවතින අතර, පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක කාර්ය මණ්ඩලය පමණක් වීදිවල ගමන් කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

