විදේශිකයන් අල්ලන්න එපා…ඉහළ පෙළේ සෞඛ්‍ය නිලධාරියෙකු අනතුරු අඟවයි

විදේශිකයන් අල්ලන්න එපා…ඉහළ පෙළේ සෞඛ්‍ය නිලධාරියෙකු අනතුරු අඟවයි

ප්‍රථම වරට වඳුරු උණ ආසාධිතයෙක් වාර්තා වීමෙන් දිනකට පසුව චීනයේ ඉහළ පෙළ සෞඛ්‍ය නිලධාරියෙක් විසින් එරට ජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඒ අනුව එම සෞඛ්‍ය ප්‍රධානියා එරට ජනතාවට අනතුරු අඟවන්නේ විදේශිකයන් ස්පර්ෂ කිරීමෙන් වලකින ලෙසයි.

පසුගිය දා චොංකිං හි නිරිතදිග මහ නගර සභා සීමාවෙන් වඳුරු උණ ආසාධනය වූවෙක් වාර්තා වූ අතර, එම පුද්ගලයා විදේශිකයෙක් හෝ චීන ජාතිකයෙක් දැයි ඔවුන් ප්‍රකාශ කර නැහැ.

උණ වැනි රෝග ලක්ෂණ සහ බිබිලි වැනි තුවාල ඇති කරන වඳුරු උණ වසංගතය, මැයි මාසයේ දී ලොව පුරා මතුවීමට පටන් ගත් අතර එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව මේ වසරේ මේ දක්වා රෝගීන් 23,500 ක් වාර්තා වී තිබෙනවා.

https://cnn.it/3UjE9ns