රට ඉන්න අයට ඩොලර් ගෙවා නිවසටම ලිට්රෝ ගෑස් ගෙන්වා ගන්න ඇප් එකක්

විදේශගත සහ විගමනික ශ්‍රමිකයන්ට උපහාරයක් ලෙස ලිට්රෝ ගෑස් සමාගම විසින් විදේශගතව සිට තම නිවසට ගෘහස්ථ ගෑස් ඇණවුම් කිරීම සඳහා මෘදුකාංග යෙදවුමක් :(Home Delivery App) හඳුන්වාදී ඇත.
එම මෘදුකාංග යෙදවුමට අනුව ඇමෙරිකානු ඩොලර්වලින් විදේශයන්හි සිට ලිට්රෝ ගෘහස්ථ ගෑස් ඇණවුම් කළ හැකිය.
මෙම මෘදුකාංගය Google Play සහ App Store වෙතින් නොමිලේ බාගතකර කර ගැනීමට හැකියාව සලසා ඇත.
ලිට්රෝ ගෘහස්ථ ගෑස් දේශීය වෙළෙඳ පොළේ සියයට 80 ක කොටස් හිමිකරගෙන ප්‍රමුඛයා ලෙස සිටින බැවින් පාරිභෝගික ජනතාවට වැඩිදියුණු කළ නව විශේෂාංගයක් ලෙස මෙය හඳුන්වාදෙන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
නව මෘදුකාංගය සම්බන්ධ වැඩිදුර විස්තර 1311 ලිට්රෝ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙතින් ලබාගත හැකිය.

