ලෝක ආහාර වැඩසහනේ, පළාත් හයක් කුසගිනි අවදානම් කලාප දර්ශකයට

ලෝක ආහාර වැඩසහනේ, පළාත් හයක් කුසගිනි අවදානම් කලාප දර්ශකයට

ලොව කුසගින්නෙන් පසු වන ජනතාව සිටින රටවල් සිතියම්ගත කර තිබෙනවා.

ලෝක ආහාර වැඩසහනේ එම සිතියම්ගත කිරීම සහ දත්තවලට අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ වයඹ පළාත් අවදානම් කලාප ලෙස යි දක්වා ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 30කට වැඩි පිරිසක් නැත හොත් මිලියන 6.3ක ජනතාවක් ආහාර අනාරක්ෂිත තත්වයකින් පසු වන බව යි ලෝක ආහාර වැඩසටහන සඳහන් කළේ.

අවම වශයෙන් 65,600ක ප්‍රමාණයක් දැඩි ආහාර ආනාරක්ෂිත තත්වයකින් පෙළෙන බවට එම දත්ත පෙන්වා දෙනවා.

මීට අමතරව මෙරට ජනතාවගෙන් සියයට 60ක පමණ ජනතාව මේ වන විට මිල අඩු සහ පෝෂණය අඩු ආහාර සඳහා යොමු වී ඇත්තේ, ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන්.

පවතින ආර්ථික අර්බුදය සහ සහල් වැනි ප්‍රධාන ආහාරවල දුර්වල අස්වැන්න හේතුවෙන් මෙරට ආහාර සුරක්ෂිතතාව තවදුරටත් පිරිහෙනු ඇති බවට යි ලෝක බැංකු දත්ත වාර්තා කරන්නේ.

ඊට කඩිනම් විසදුම් ලබා නොදුනහොත් එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිට ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා වන මාස 04ක කාලය වඩාත් දරුණු අතට හැරෙනු ඇති බව ද එම දත්ත පවසනවා.