විහාරස්ථානවල විදුලි බිල පාලනය සඳහා සෝලා පැනල

විහාරස්ථානවල විදුලි බිල පාලනය සඳහා සෝලා පැනල

විහාරස්ථාන වල විදුලි බිල පාලනය සඳහා සූර්ය කෝෂ විදුලි පහසුකම් ලබා ගන්නා ලෙස විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයේදී පැවසීය.එහිදී සමගි ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසා සිටියේ ඒ සඳහා ආධාරයක් ලබා දෙන්නේ දැයි කියාය.නමුත් ඒ සඳහා ඇමැතිවරයා පිළිතුරක් ලබාදුන්නේ නැහැ .

මේ අතර විදුලි පාරිභෝගිකයිනට අඩු පොළියට සූර්ය කෝෂ ලබාදීමට කටයුතු කරන ලෙස නව ලංකා නිදහස් පක්ෂයේ නායක සහ සමගි ජන බල පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විදුලි බල ඇමැතිවරයාගෙන් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.ඊට පිළිතුරු දෙමින් විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසූවේ ඒ සම්බන්ධව අවධානය යොමු කරන බවය.

විදුලි බිල වැඩිකිරීමට නිර්දේශ ලබා දුන්නේත් විදුලි බල මණ්ඩලය මගින් විදුලි බිල ගෙවනු ලැබූ ආගමික සිද්ධස්ථාන 148ක විදුලි බිල් ගෙවීම අත්හිටුවන ලෙස උපදෙස් ලබා දුන්නේත් මහජන උපයෝගීතා කොමිසම යැයි විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

එබැවින් විදුලි බිල වැඩි කිරීම සහ ආගමික ස්ථාන වල විදුලි බිල සම්බන්ධව තීන්දුවක් ගත යුත්තේ ද මහජන උපයෝගීතා කොමිසම බව අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මේ අතර මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්වන ආගමික ස්ථානවල විදුලි බිල සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, මෙම ගැටලුව සඳහා පිළියමක් ලෙස සෝලා පැනල සවි කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බවත්, ඒවා මෙරටට ආනයනය කර ගැනීම සඳහා විදේශ විනිමය ගැටලුවක් පවතින බැවින් ඉන්දියාව සහ චීනය සමග සාකච්ඡා කොට ණය මාර්ගයක් ආශ්‍රයෙන් සෝලා පැනල මෙරට එම ව්‍යාපෘතිය දියත් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.