මෙරට දරුවන්ගෙන් වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන්

මෙරට දරුවන්ගෙන් වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන්

මෙරට දරුවන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සංගමය පවසනවා.

එම සංගමයේ නියෝජිතයින් ඊයේ (19) දිනයේ දී හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ නිවාස වෙත ගොස් ඒ පිළිබඳ සොයා බැලීමක් ද සිදු කර ඇති අතර, අනතුරු ව අදහස් දැක්වූ එහි සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ, දරුවන් තුන් දෙනෙකු සිටින නිවසක දෙදෙනෙකු ම මන්දපෝෂණයෙන් පෙළෙන බව යි.

COMMENTS