ආණ්ඩුවේ තනතුරු ගත් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ තටු කපයි

ආණ්ඩුවේ තනතුරු ගත් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ තටු කපයි

ආණ්ඩුවේ තනතුරු ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂයේ සියලු තනතුරුවලින් හා මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට නිදහස් පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කැබිනට් අමාත්‍ය ධූර ලබාගත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ සහ රාජ්‍ය අමාත්‍ය ධූර ලබාගත් මන්ත්‍රීවරු 5 දෙනෙකුගේ සාමාජිකත්වය යි මෙලෙස අත්හිටුවා ඇත්තේ.

පක්ෂ ව්‍යවස්ථාවෙන් සභාපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව මෙම විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර ඉදිරි මැතිවරණවලට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රධානත්වය දරන “නිදහස ජනතා සභාව” සමඟ එක්ව තරඟ කිරීමට බලාපොරොත්තු වන බව උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, එම උත්තර ලංකා සභාගයේ නියෝජිත හමුවකට කොළඹ දී ඊයේ (20) එක්වෙමින්.