ග්ලයිෆොසෙට් තහනම නුදුරේදීම ඉවත් කරන බවට මහින්දගෙන් සහතිකයක්

ග්ලයිෆොසෙට් තහනම නුදුරේදීම ඉවත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
සුහුරු කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර ගලෙන් බිදුණුවැව, කොකාවැව සහ කියුලේකඩ ලොකු ළූණු ගොවීන්ට බින්දු ජල සැපයුමට අවශ්‍ය උපකරණ බෙදාදීම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුවයි එක ක්‍රියාවට නැංවුණේ. ප්‍රදේශයේ ලොකු ළුෑණු වගාබිම් කිහිපයක් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.

