මහීෂ් තීක්ෂණට යුද හමුදාවෙන් උසස්වීමක්

මහීෂ් තීක්ෂණට යුද හමුදාවෙන් උසස්වීමක්

ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ යුද හමුදාවේ මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කර තිබෙනවා.

ඒ, යුද්ධ හමුදාව නියෝජන කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ඊයේ යුද හමුදා මූලස්ථානයේ සංවිධාන කර තිබූ උත්සවයක දී යි.

ඒ අනුව සාමාන්‍ය සෙබළ මහීෂ් තීක්ෂණ සැරයන් නිලයටත් ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකාව කණ්ඩායම නියෝජනය කළ යුද හමුදාවේ සාමාන්‍ය සෙබළියන් වන ටී.ටී. අල්ගම, කේ.බී.වයි.ද. සිල්වා සහ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් උසස් කර තිබෙනවා.

ඊට අමතර මහීෂ් තීක්ෂණයට සහ ආසියානු කායවර්ධන ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනාගත් ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.ඩී.පී. රාජපක්ෂ වෙත මූල්‍ය දිරිගැන්වීම් ප්‍රදානයක් ද සිදු කෙරුණා.