සනීපාරක්ෂක තුවා බදු බරින් අඩු කිරීමට පියවර

සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු අඩු කිරීමට ජනපතිගෙන් උපදෙස් ලැබුණු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, කාන්තාවන්ගේ ප්‍රධාන අවශ්‍යතාවක් වන සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු අඩු කර දෙන මෙන් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

සිය ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඒ සඳහා පනවා ඇති වරාය ගුවන් සේවා සංවර්ධන බද්ද, සෙස් බද්ද සහ රේගු ගාස්තු අඩු කර දෙන බවට ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි, අමාත්‍යවරිය සඳහන් කළා ය.

ඒ අනුව බදු අඩු කළ වහාම අලෙවිකරුවන්ට පෙර පැවති මිල ගණන්වලට සනීපාරක්ෂක තුවා අලෙවි කිරීමට සිදුවනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ය.

රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ, බදු අඩු කළ ද දේශීය නිෂ්පාදකයා රැකගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. සඳහා අය කෙරෙන බදු අඩු කිරීමට ජනපතිගෙන් උපදෙස් ලැබුණු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, කාන්තාවන්ගේ ප්‍රධාන අවශ්‍යතාවක් වන සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු අඩු කර දෙන මෙන් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

සිය ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඒ සඳහා පනවා ඇති වරාය ගුවන් සේවා සංවර්ධන බද්ද, සෙස් බද්ද සහ රේගු ගාස්තු අඩු කර දෙන බවට ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි, අමාත්‍යවරිය සඳහන් කළා ය.

ඒ අනුව බදු අඩු කළ වහාම අලෙවිකරුවන්ට පෙර පැවති මිල ගණන්වලට සනීපාරක්ෂක තුවා අලෙවි කිරීමට සිදුවනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ය.

රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ, බදු අඩු කළ ද දේශීය නිෂ්පාදකයා රැකගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.