මෙරට උද්ධමනය සියයට 70 ඉක්මවයි

මෙරට උද්ධමනය සියයට 70 ඉක්මවයි

පසුගිය ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව සියයට 70.2 ක දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය ජූලි මාසයේ 66.7 ක අගයක පැවති බවයි.

ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 84.6 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ජූලි මාසයේ සටහන් වී ඇත්තේ 82.5 ක් ලෙසයි.

ජල, විදුලි, ගෑස් සහ ඉන්ධන කාණ්ඩයට අයත් උද්ධමනය ද සියයට 32.1කින් ඉහළ ගොස් තිබෙනවා.