අනාගතයේ දී මුළු රටම අරගලය සමඟ එක්විය යුතුයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

අනාගතයේ දී මුළු රටම අරගලය සමඟ එක්විය යුතුයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

ඡන්ද තැබුවාට දූෂිත දේශපාලකයන් ගෙදර යවන්නට නොහැකි යැයි ද දූෂිත දේශපාලකයන් ගෙදර යැවිය හැක්කේ අරගලයට පමණක් යැයිද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අරගලය ඇවිත් දූෂිත දේශපාලකයන්ගෙන් රට ගලවා ගන්නම ඕන යැයි කී සරත් ෆොන්සේකා මහතා අනාගතයේ දී මුළු රටම අරගලයට බැසිය යුතු යැයිද අරගලය කියන වචනය අයින්කර නිරායුධ අහිංසක ජනතා පෙළ ගැස්ම වැනි වචනයක් දැමිය යුතු යැයිද සරත් ෆොන්සේකා සඳහන් කළේය.

රටේ මිනිස්සුන්ට කන්න නැතිනම් අයි.එම්.එෆ් එක තම්බගෙන කන්න දැයි ප්‍රශ්න කළ ෆොන්සේකා මහතා බිම් මට්ටමට ගිහින් ජනතා ප්‍රශ්න තේරුම්ගත යුතු යැයිද නැතිනම් කැරලි ගැසීම නවත්තන්න නොහැකි යැයිද කීය

මේ ආදී සමස්ත අර්බුදවලට හේතුව දූෂිත දේශපාලන සංස්කෘතිය හරහා පාර්ලිමේන්තුවට පැමිණි දූෂිත දේශපාලඥයන් බවත් එවැනි දූෂිත දේශපාලඥයන් සියයට පනහක් පමණ සිටින බවත් ෆීල්ඩ් මාෂල්වරයා සඳහන් කරනවා.

මෙම දූෂිත දේශපාලඥයන්ගෙන් රට ගලවා ගැනීම සඳහා අරගළය නැවතත් පෙරට පැමිණිය යුතු බව ද සරත් ෆොන්සේකා පවසනවා.

එම දූෂිත දේශපාලඥයන් ඡන්දයකින් ගෙදර යැවිය නො හැකි බව පවසන ඔහු, එම දූෂිත දේශපාලඥයන් බිය වන්නේ අරගළයට පමණක් බව යි සඳහන් කරන්නේ.

මොන තරම් රට අර්බුදයකට ගියත් පාලකයන් සොරකම, ජාවාරම, අශීලාචාරකම නැවැත්වීමට තීරණය කර නොමැති බව බව සඳහන් කරන සරත් ෆොන්සේකා, අරගළය හරහා රට බේරා ගන්නා ජනතාවටත් අරගළයටත් ජය වේ වා යනුවෙන් අවසාන වශයෙන් පැවසීය