මත්තල ගුවන් තොටුපළටත් ආයෝජකයෙක් එනවා නම් කැමතියි

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) මාසිකව රුපියල් මිලියන 100ක පාඩුවක් ලබන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.
මේ අතර කිසියම් ආයෝජකයෙකු අනාගතයේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආයෝජනය කිරීමට කැමති නම්, රජය ඒ පිළිබඳව සලකා බලන බව ද අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර, ඔහු වැඩිදුරටත් පැවසුවේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන කටයුතු සඳහා රජය විශාල පිරිවැයක් දරා ඇති බවත්, එහි මෙහෙයුම් කටයුතු සඳහා සේවකයන් ද යොදවා සිටියත් තවමත් කිසිදු ගුවන් මෙහෙයුමක් සිදු නො වන්නේ, ඒ වෙත මේ වන තුරු කිසිදු ගුවන් යානයක් නො පැමිණීම හේතු කරගෙන බවයි.
“පලාලි ගුවන් තොටුපළට ගුවන් සමාගම් කිහිපයක් තම සේවා ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වුව ද එකදු ගුවන් යානයක්වත් තවමත් ගොඩබස්වන්නේ නැහැ. එයාර් ඉන්දියා ද සිය සේවා ක්‍රියාත්මක කිරීමට එකඟ වූ නමුත් එය ඉටු කිරීමට අපොහොසත් වෙලා තියෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ රත්මලාන ගුවන් තොටුපළ සඳහා මාලදිවයින් ගුවන් සේවයක් මෙහෙයුම් කටයුතු ආරම්භ කරනවා කිව්වත් ඒ කටයුතු තාම ආරම්භ වෙලා නෑ!” යනුවෙන් ඔහු වැඩිදුරත් ප්‍රකාශ කළා.

