පාසල් කිහිපයකම දරුවන් උදෑසන රැස්වීම්වල දී සිහිසුන්ව ඇද වැටෙති

පාසල් කිහිපයකම දරුවන් උදෑසන රැස්වීම්වල දී සිහිසුන්ව ඇද වැටෙති

මැදවච්චිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තන්තිරිමල ප්‍රදේශයේ පාසල් කිහිපයක ම දරුවන්, පාසල් උදෑසන රැස්වීමේ දී සිහිසුන් ව ඇද වැටීමේ සිද්ධි කිහිපයක් ම වාර්තා වෙනවා.

තන්තිරිමලේ තම්බියාව ගමේ පිහිටි ධර්මපාල විද්‍යාලය, කිඹුල්වැව ආනන්ද විද්‍යාලය හා මහවිලච්චිය සිද්ධාර්ථ යන විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙකු යි මෙසේ සිහිසුන් ව ඇද වැටී ඇත්තේ.

මෙසේ සිසු සිසුවියන් සිහිසුන් ව ඇද වැටීම නිසා, උදෑසන රැස්වීම නියමිත කාලයට කලින් නැවැත්වීමට ද සිදු වූ බව අදාළ පාසල්වල විදුහල්පතිවරුන් පවසනවා.

මෙම ඇතැම් දරුවන් රාත්‍රියට හා උදෑසනට යන වේල් දෙකට ම ආහාර ගෙන නැති බව යි සඳහන් වන්නේ.