රුපියල ලොව අව ප්‍රමාණය වූ 3වෙනි මුදල් ඒකකය වෙයි

එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව ලොව බාල්දුම මුදල් ඒකක අතර 3වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට හිමි වී ඇත.
ඒ අනුව ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 47.79 කින් අවප්‍රමාණය වී ඇතැයි මහාචාර්ය ස්ටීව් හැන්ක් මහතා පෙන්වා දෙයි.
එම ශ්‍රේණිගත කිරීමට අනුව පළමුවෙනි ස්ථානය සිම්බාබ්වේ මුදල් ඒකකයටත්, දෙවැනි ස්ථානය කියුබානු මුදල් ඒකකයටත් හිමිව තිබෙනවා.



