හිටපු ජනාධිපති ආර්යාවකට මාස 14ක සිරදඬුවමක්

මධ්‍යම ඇමෙරිකාවේ හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව වන රෝසා බෝනිල්ලාට මාස 14ක සිරදඩුවම් නියම වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා වෙන්කර තිබූ මුදල් වංචා කිරීම, අවභාවිත කිරීම යන සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ලවී තිබූ බව යි.
අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් වෙන්කර තිබූ ඩොලර් 590,000කට මහජන මුදල් ඇය සිය ක්‍රෙඩිට් කාඩ්පතෙන් තම දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවීමට සහ ඉදිකිරීම් සඳහා අවභාවිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සිද්ධියට අදාළව මීට පෙර පැවති නඩු විභාගයකින් ඇයට වසර 58ක සිර දඬුවමක් හිමිවුව ද එම නඩු තීන්දුවෙහි තිබූ විවිධ අඩු පාඩු හේතුවෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය 2020 වසරේ දී තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවනු ලැබුවා.
ඉන් පසුවයි අදාළ නඩුව යළි කැඳවීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී ඇත්තේ.

