කංසා වලට නව නීති

කංසා වලට නව නීති

ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා අවශ්‍ය නීතිය කැබිනට් මණ්ඩලය හමුවට ගෙනඑන බව දේශීය වෛද්‍ය, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

එළඹෙන 5 වනදා වනවිට ඊට අදාළ කටයුතු සම්පාදනය කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඖෂධීය කංසා නිෂ්පාදන හරහා රටට වැඩි අපනයන ආදායමක් ලබාගත හැකි බවය.