රුපියල් මිලියන 85,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 85,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 28 වැනිදා පැවැත්වෙනවා.
එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000 ක වටිනා බිල්පත්, දින 182 කින් කල් පිරෙන මිලියන 28,000 ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 22,000 ක් වටිනා බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති.

