මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යළිත් රජයක් බිහි කරනවා

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යළිත් රජයක් බිහි කරනවා

ලබන දෙසැම්බර් වනවිට රටේ අර්බුදය අවසන් කර මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

තමන් රජය යටතේ සිටින කාලයේ දී ඇතැම් ගත් තීන්දු තීරණ ජනතාවට දැඩි බලපෑමක් එල්ල කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ මහනුවරදී පැවැත් විය.

ඒ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙනි.