ජැකලින්ට ඉන්දීය රුපියල් 50,000ක අතුරු ඇපයක්

ජැකලින්ට ඉන්දීය රුපියල් 50,000ක අතුරු ඇපයක්

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ඉන්දියානු රුපියල් 50,000ක බැඳුම්කරයක් මත අතුරු ඇප නියම කිරීමට දිල්ලි නුවර පටියාලා හවුස් අධිකරණයේ අද(26) නියම කළා.

රුපියල් කෝටි 200ක කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රසේකර්ට අදාල නඩුවක විත්තිකාරියක් ලෙස නම් කර සිටින ඇය අද අධිකරණය වෙත පෙනී සිටීමට පැමිණියේ, සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

https://bit.ly/3r5gEBp