පින්නවල සත්ව උද්‍යානය නයිට් සෆාරි සත්ව උද්‍යානයක් කිරීමේ තීරණයක්

පින්නවල සත්ව උද්‍යානය නයිට් සෆාරි සත්ව උද්‍යානයක් කිරීමේ තීරණයක්

පින්නවල සත්වෝද්‍යානය රාත්‍රී සෆාරි උද්‍යානයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇති බව වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.

විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (25) පස්වරුවේ පින්නවල සත්වෝද්‍යානය හා ඇත් අතුරු සෙවන ආශ්‍රිතව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබුවා.

එම සාකච්ඡාවට එක්වූ ව්‍යාපාරික ප්‍රජාව කියා සිටියේ දැනට පින්නවල සත්වෝද්‍යානය හා ඇත් අතුරු සෙවන නැරඹීමට අවසර ලබාදෙන්නේ පස්වරු 5 දක්වා පමණක් බවයි.

මේ හේතුව නිසා රජයට දෛනිකව උපයාගත හැකි විශාල ආදායමක් අහිමිවන බව ද ඔවුන් පෙන්වා දුන්නා.

ඒ අනුවයි ඊට ඇති නෛතික බාධාවන් සම්බන්ධයෙන් සොයා බලා පින්නවල සත්වෝද්‍යානය රාත්‍රී සෆාරි උද්‍යානයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇත්තේ.