අද ලෝක ජලභීතිකා දිනයයි

ලෝක ජලභීතිකා දිනය අදට (28) යෙදී තිබෙනවා.
එක්වෙමු – මානව ජල භීතිකාව දුරලමු යන්න මෙවර එහි තේමාව යි.
මේ අතර 2022 වසරේ මේ දක්වා කාලය තුළ ජලභීතිකාව හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. ඒ අතර කුඩා දරුවන් 04 දෙනෙකු වන බවයි සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
මෙරට සුනඛ ගහනය මිලියන 03ක් වන අතර ඉන් සියයට 50ක් සඳහා ජලභීතිකා එන්නත්කරණය සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙරටින් වාර්තා වන ජලභීතිකා රෝගීන් අතරින් වැඩි පිරිසක් යාචක ජනතාව සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවයි සමීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.
ජලභීතීකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සහ එන්නත්වල යම් හිඟයක් පවතින බවයි මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එල්.ඩී. කිත්සිරි කියා සිටියේ.
මේ අතර ජලභීතිකා රෝගය වෛරසයක් මගින් බෝවන මාරාන්තික රෝගයක් වන අතර ජලභීතිකා රෝගය ක්ෂීරපායි (කිරි බී වැඩෙන) සතුන්ට වැළඳේ, ජලභීතිකා වෛරසය ශරීරගත වූ සුනඛයන් සපා කෑම හෝ සීරීම නිසා, ජලභීතිකා රෝගී බළලූන්, මුගටියන්, හිවලූන්, මුගටියන් වැනි සතුන් සපාකෑම හෝ සීරීම නිසා, රෝගී සතකුගේ කෙල තුවාලවල හෝ ශරීරයේ සියුම් පටකවල තැවරීමෙන් (ඇස් වල) මිනිසාට රෝගය බෝ විය හැක.
සුනඛයන්ගේ රෝග ලක්ෂණ
ගොළු පිස්සුව – අඳුරු තැන්වල සැ`ගවීමට තැත් කරයි, ආහාර ගැනීම නවතයි, උගුරේ යමක් සිර වූ බව පෙන්වයි, පාද අප්‍රාණික බවක් පෙන්වයි, අන් අයගේ අනුකම්පාව ලබා ගැනීමේ ස්භාවයක් පෙන්වයි.
වියරු පිස්සුව – මුඛයෙන් සෙම වැගිරෙයි, ඇස් විශාල වී රතු වී දිලිසෙයි, දම්වැල්, කුඩුවේ දැල් වැනි අසාමාන්‍ය දේවල් සපයි, ඉදිරියට හමු වන සෑම දෙනාම සපා කෑමට පෙලඹෙයි, ආහාර ගැනීම නවතයි, පිස්සු බල්ලකු ලෙස හැසිරෙයි. මේ මගින් පහසුවෙන් පිස්සු බල්ලන් හඳුනාගත හැක.
මෙම රෝග තත්ත්ව දෙකේදීම ජලභීතිකාව වැළඳුන සුනඛයන් දින 10-14 කාලයේදී මිය යනු ලබයි.
රෝගී බළලකු නම්, ආහාර ජලය ගැනීම නවතයි, අහසට පහර දීමක් වැනි ස්භාවයක් පෙන්නුම් කරයි, කටින් සෙම වගුරයි, සොයා ගැනීමට නොහැකි ලෙස අතුරුදන් වෙයි.
ඒ නිසා සතෙකු හපා කෑවොත් කෙළ ශරීරගත වුණොත් අප්‍රමාදව රජයේ රෝහලකට යන්න

