ජනාධිපති සහ ජපාන අගමැති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා.
ඒ, ටෝකියෝ නගරයේ හමුවක දී යි.
දෙරට අතර සබඳතා හා ඉදිරි ආර්ථික සැලැසුම් පිළිබඳ මෙහි දී සාකච්ඡා වීමට නියමිත බව යි වාර්තා වන්නේ.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළා.

