සංචාරකයෝ රටට එන්නේ රෑ 10න් පස්සේ නිදා ගන්න නෙවෙයි – ඩයනා

සංචාරකයෝ රටට එන්නේ රෑ 10න් පස්සේ නිදා ගන්න නෙවෙයි – ඩයනා

රාත්‍රී ආර්ථිකය යනු රටට සහ රජයට මුදල් ලැබෙන ක්‍රමවේදයක් බවත්, දහවල් කාලයේ දී ජනතාව හම්බකරන මුදල් වියදම් කිරීමට රාත්‍රියේ දී තැනක් මෙරට තුළ නැත්නම්, රජයට ණය ගැනීමට ද සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වාදෙන්නේ.

මෙරටට සංචාරකයින් පැමිණෙන්නේ රාත්‍රී 10න් පසුව කාමරවලට වී නිදාගැනීමට නොවන අතර කංසා වගා කර ඩොලර් උපයන තෙක් තම රට වෙනුවෙන් ඇති උත්සාහය කිසිසේත් අතනොහරින බව ද ඇය අවධාරණය කරනවා

රාත්‍රී ආර්ථිකය යනු ගණිකා වෘත්තිය නොවන බවද පැවසූ ඇය ගණිකා වෘත්තිය යනු රෑට පමණක් කරන දෙයක් නොව දවස තිස්සේම කරන දෙයක් බව තවදුරටත් කියා සිටියාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේට යෙදුනු ලෝක සංචාරක දිනය වෙනුවෙන් හබරණ පැවති ජාතික උත්සවයට එක්වෙමින්.