සමාජ මාධ්‍ය කිව්ව කතා බොරු කරමින් චීන ජනපති එළියට එයි

සමාජ මාධ්‍ය කිව්ව කතා බොරු කරමින් චීන ජනපති එළියට එයි

නිවාස අඩස්සියේ සිටින බවට වූ කටකතා අසත්‍යයක් කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිට තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීන ජනාධිපතිවරයා ඊයේ (සැප්. 27) බීජිංහි පැවති ප්‍රදර්ශනයකට සහභාගි වූ බව එරට රාජ්‍ය රූපවාහිනිය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති බව ය.

සැප්තැම්බර් මැද භාගයේදී මධ්‍යම ආසියාවේ නිල සංචාරයකින් අනතුරුව චීනයට පැමිණි ඔහු පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථාව මෙය වේ.

උස්බෙකිස්තානයේ පැවති කලාපීය ආරක්ෂක සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව යළි චීනය වෙත පැමිණි ෂී ජනාධිපතිවරයා හමුදා කුමන්ත්‍රණයක් හේතුවෙන් නිවාස අඩස්සියේ පසුවන බවට පසුගිය දා සමාජ මාධ්‍යවල පුළුල් ලෙස කටකතා පැතිර ගියේ ය.

ආපසු චීනයට පැමිණි දා සිට ෂී ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම ඊට තුඩු දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

https://bit.ly/3rkmUVL