ජාතික සභාවේ පළමු රැස්වීම අද – සජිත් එන් නෑ කියයි

ජාතික සභාවේ පළමු රැස්වීම අද – සජිත් එන් නෑ කියයි

ජාතික සභාවේ පළමු රැස්වීම අද (29) පැවැත්වේ.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද උදෑසන 10.30 ට රැස්වීම ආරම්භ වනු ඇති.

ජාතික සභාව සඳහා පත් කෙරුණු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී පසුගිය දා ප්‍රකාශයට පත් කළේ ය.

මේ අතර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ද අද පැවැත්වේ.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

රැස්වීම උදෑසන 9.30 ට ආරම්භ වනු ඇති.

පාර්ලිමේන්තුවේ ලබන සතියේ කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුව සඳහන් කළේ ය.

කථානායකවරයා සභාපතීත්වය දරන එම සභාවට අග්‍රාමාත්‍යවරයා, සභා නායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇතුළු 35කට නො වැඩි සාමාජික සංඛ්‍යාවක් ඇතුළත් වනවා.

කෙසේ වෙතත් අද පැවැත්වීමට නියමිත ජාතික සභාවට තමන් සහභාගී නොවන බව යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරන්නේ.

අද දින වෙනත් ජන හමු කිහිපයකට සහභාගී වීමට නියමිත ව ඇති බැවින් ජාතික සභාවට තමන්ට සහභාගි වීමට නො හැකි බව විපක්ෂ නායකවරයා පවසනවා.

COMMENTS