ළමයාගේ වයස වැඩි වෙයි

ළමයාගේ වයස වැඩි වෙයි

ශ්‍රී ලංකාවේ ළමයකු ලෙස සලකන අයගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාවල සඳහන් වේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ශ්‍රී ලංකාවේ ළමා හා තරුණ පුද්ගලයින්ගේ ආඥාපනත සංශෝධනය කිරීම වෙනුවෙන් සංශෝධනයක් යෝජනා කර ඇති බව ඊයේ (28) පැවති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ වුණා.

එම සංශෝධනයෙන් අනතුරුව මෙතෙක් ශ්‍රී ලංකාවේ දරුවෙකු ලෙස යමෙක් සැලකුණු උපරිම වයස වූ අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ යනවා.

මේ අතර ළමා හා තරුණ ආඥාපනතේ භාවිත වන “ළමා ආඥාපනත” යන්න “ළමා සහ තරුණ ආඥාපනත” ලෙසත්, එහි එන “ළමා” යන්න “ළමා හා තරුණ” ලෙසත් සංශෝධනය කිරීමට ද යෝජනා වී තිබෙන්නේ.