වෙස් මුහුණු බැදන් ආවට අපි නැහැ රැවටෙන්නේ

ආණ්ඩුව විසින් මේ වන විට ගෙන යන ජාතික සභා කතාව බොරුවක් බවත් කවුරු රැවටුනත් සිය කණ්ඩායම රැවටිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසයි.
ඩලස් අලහප්පෙරුම මහතාට සහය දක්වමින් ඔහු ”නිදහස ජනතා සභාව” සමඟ එක්ව සිටින අතර අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගොඩහේවා මේ බව සඳහන් කළා.
ජාතික සභාවට කිසිදු එකඟතාවක් දක්වා නොමැති අතර එයට සහභාගී නොවන බව මුලින්ම පැවසුවේ තමන් නියෝජනය කරන කණ්ඩායම බවයි ගොඩහේවා මහතා පැවසුවේ.
ප්‍රකාශ වුණ ආකාරයට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනොනැගුණ අතර ජාතික සභාවකින් යෝජනා වූයේ ද අන්තර්කාලීන ආණ්ඩුවක් වන නමුත් තවමත් සිටින්නේ පරණ ආණ්ඩුවම බව හෙතෙම පැවසුවේය.වෙනස් වී ඇත්තේ ජනාධිපතිවරයා පමණක් බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

