උද්ධමනය තවත් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
එය අගෝස්තු මාසයේ 64.3% සිට සැප්තැම්බර් මාසය වනවිට 69.8%ක් දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අගෝස්තු මාසයේ සියයට 93.7ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී සියයට 94.9ක් දක්වා ඉහළගොස් තිබේ.
පසුගිය මාසයේ සියයට 50.2 වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද මෙම මාසයේ සියයට 57.6ක් දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව අගෝස්තු මාසයේ උද්ධමනය දැක්වුණේ සියයට 70.2ක් ලෙසය.
මේ අතර සැප්තැම්බර් මාසයේ දී ප්‍රවාහන වියදම් දැක්වෙන කාණ්ඩයේ උද්ධමනය 150.4%ක් ලෙස එම වාර්තාවේ සඳහන් වන අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී එම අගය සටහන් වූයේ 8.3%ක් ලෙසයි.
ඒ අනුව පෙර වසර හා සැසඳීමේ දී ප්‍රවාහන වියදම්වල වර්ධනය 142.1%කින් ඉහළ ගොස් තිබෙනවා.
තව ද ගත වූ අගෝස්තුව හා සැසඳීමේ දී සන්නිවේදන කාණ්ඩයේ උද්ධමනයෙහි කැපී පෙනෙන වැඩි වීමක් පෙන්නුම් කරන අතර එම අගය 7.3% සිට 23.5% දක්වා 16.2%ක ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
මෙම දත්ත වාර්තාව අනුව හෝටල් සහ ආපන ශාලා වියදම් ඇතුළත් කාණ්ඩයේ උද්ධමන ප්‍රතිශතය ගත වූ අගෝස්තුවේ සිට සැප්තැම්බර්ය වන විට 87.8% සිට 96.6% දක්වා 8.8%කින් ඉහළ ගොස් තිබෙනවා.


