ඉදිරියේදී සුනාමියක් වගේ මහා කැරැල්ලක් මේ රට ඇතුළේ ඇතිවෙනවා – හිරුණිකා

ඔක්තෝබර් මාසයේ අවසානයෙන් පසු මෙරට තුළ දැවැන්ත කැරැල්ලක් ආරම්භ වනු ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ බව පැවසුවේ ඊයේ (29) තලංගම ප්‍රදේශයේ පැවති පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි
“ඉදිරියේදී සුනාමියක් වගේ මහා කැරැල්ලක් මේ රට ඇතුළේ ඇතිවෙනවා ඔක්තෝබර් අන්තිමෙන් පස්සේ. ඒක ඔය කියන කිසිම ගැසට් එක්කට නවත්තන්න බැරිවෙනවා. ඔක්තෝබර් වලින් පස්සේ එළියට බහින්නේ අන්ත දුප්පත් මනුස්සයා. ඒ මනුස්සයා එළියට බහින්නේ දෙකෙන් එකක් බේරාගන්න. ඒ කියන්නෙ ගෙදර ඉන්න අහිංසක දරුවා බඩගින්නට අඬනකොට ගෙදර ඉන්න තාත්තාට නිකම් ඉන්න බෑ. එතකොට ඒ මනුස්සයා දෙනෙක් එකක් බේරාගන්නවා කියලා හිතාගෙන එළියට බහින්නෙ. එහෙම එළියට බහින මිනිස්සු එක්ක රනිල් රාජපක්ෂට හැප්පෙන්න හම්බෙන්නෙ නෑ මොන දේ කළත්. මුළු දේශපාලන ක්රමයම වෙනස් වෙනවා. ඒ කියන්නෙ පක්ෂ විපක්ෂ හැම කෙනාටම ඉදිරියේදී මේ රට අනිත් පැත්ත පෙරළෙනවා” යනුවෙන් පැවසීය.

