මෛත්‍රීගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයේ පෙනී සිටින්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසිය බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා සහ එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයායි.
පසුගිය 16 වනදා පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවක සැකකරුවෙකු ලෙස නම් කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ලබන මස 14 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කළා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන් සහ එහි වින්දිතයෙකු ගොනුකළ පැමිණිල්ලකට අදාළව මෙම නඩුව පවරා තිබෙනවා.

