පුටින්ගේ හිතුවක්කාරී ක්‍රියාව අපි අනුමත කරන් නෑ – ජෝ බයිඩන්

පුටින්ගේ හිතුවක්කාරී ක්‍රියාව අපි අනුමත කරන් නෑ – ජෝ බයිඩන්

යුක්රේනයේ භූමි ප්‍රදේශය ඈඳා ගැනීමට රුසියාව දරන ප්‍රයත්නය කිසිදු ආකාරයකට කොයිම ලෙසකින් වත් අනුමත නො කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරනවා.

එහි දී අදහස් දැක්වූ ජෝ බයිඩන් ”මට මේ ගැන ඉතා පැහැදිලි ව පැවසීමට අවශ්‍යයි, කිසි විටෙකත් කොයිම ලෙසකින් වත් යුක්‍රේන ස්වෛරී භූමිය පිළිබඳ රුසියාවේ ක්‍රියාවන් අප අනුමත කරන්නේ නෑ” යනුවෙන් පවසනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව විසින් රුසියාවට සම්බාධක ද පනවනු ඇති බවට යි තොරතුරු වාර්තා වන්නේ.

ඊයේ (29) දිනයේ දී රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේනයේ සැපොරීෂියා සහ කේසර්න් කලාප ස්වාධීන ප්‍රදේශ ලෙස පිළිගත් බවට නියෝග දෙකක් සඳහා අස්සන් තැබුවා.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසා ඇත්තේ, බලය භාවිතා කිරීම මත රටකට අයත් භූමියක් ඈඳා ගැනීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් බව යි.

පුටින් සමඟ කළ දුරකථන ඇමතුමක දී තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් ද මෙම ක්‍රියාවට සිය විරෝධය පළ කළ බව සඳහන්.

https://bbc.in/3e1ooRM