අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල බස්සයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, එහි නව මිල වන්නේ රුපියල් 410 ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 30 කින් පහත දැමීමට කටයුතු කර ඇති අතර එහි නව මිල රුපියල් 510 ක් වනවා.
කෙසේ වෙතත්, ඔටෝ ඩීසල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් වල සංශෝධනයක් සිදුව නැහැ.
එසේම, ලංකා අයි.ඕ.සී. සමාගම ද පෙට්‍රල් මිල ලංකා ඛනිජ තෙල් සංස්ථාව අඩු කළ අගයන් වලින්ම පහත හෙලීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා.


