නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්රීවරුන්ට වැළඳී ඇති රෝගයක් ගැන මෛත්රීගෙන් හෙළිදරව්වක්

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ඇතැම් අයට තනතුරු නොමැතිව සිටිය නොහැකි රෝගයක් ඇති බව එම පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන පවසයි.
නිදහස් පක්ෂ ක්රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ශ්රී ලංකා නිදහස් පක්ෂය 1994 සිට වසර 25ක් ජනාධිපති ලෙස රට පාලනය කර ඇති බව ය.
මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දැක්වූ මෛත්රීපාල සිරිසේන,
“සමහරක් අය කියනවා ශ්රී ලංකා නිදහස් පක්ෂය ආයේ ගොඩ ගන්න හම්බවෙන්නේ නැහැ. දැන් මේක කැඩිලා බිඳිලා ඉවරයි. ඒක නිසා පක්ෂයට ආයේ කවදාක්වත් ආණ්ඩුව හදන්න බැහැ. අපි 17 අවුරුද්දක් දුක් වින්ඳා UNP ආණ්ඩු දෙකක් එක්ක. හැබැයි අපේ කවුරු හරි මන්ත්රීවරයෙක් ගියා ද ඒ කාලේ ඒ ආණ්ඩු දෙකට ම ඇමතිකමක් ඕන කියලා. අපිට අහවල් සංස්ථාවේ තනතුරු ඕන කියලා. කිසි කෙනෙක් ගියේ නැහැ හැබැයි මේ හැදිලා තියෙන රෝගය මොකක් ද?” යනුවෙන් පැවසීය

