තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අද පස්වරු 2ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට පස්වරු 2 දක්වා වලංගු වන ආකාරයෙන්.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් පමණ දක්වා වැඩි විය හැකියි.
එමෙන්ම එම ප්‍රදේශවල මුහුදු රළවල උස මීටර් 2.5ක් 3.0ක් පමණ ඉහළ යාහැකි අතර එබැවින් එම මුහුදු ප්‍රදේශය ඉතා රළු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
ගාල්ල සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා.
එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 2.5ත් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතිනවා.
අදාළ මුහුදු ප්‍රදේශ ද රලු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුල ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසටයි දැනුම්දෙන්නේ.
ගාල්ල සිට කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසට ද ඉල්ලීමක් කෙරෙනවා.

