මහා විනාශයකින් අවසන් වූ පාපන්දු තරඟය

මහා විනාශයකින් අවසන් වූ පාපන්දු තරඟය

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයකින් පුද්ගලයන් 127ක් පමණ පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

නැගෙනහිර ජාවා හි මලන්ග් රීජන්සි හිදී පැවති තරගයේදී Arema කණ්ඩායම ගෝල 3-2 කින් පරාජයට පත්වීමෙන් පසු Arema සහ Persebaya Surabaya හි ආධාරකරුවන් අතර ගැටුම හටගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ. මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද වන බව සඳහන්.

අධික තදබදය, පෑගීම සහ තෙරපීම හේතුවෙන් මරණ රැසක් සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තුවාල ලැබූවන් සියයකට වඩා වැඩි වන අතර ඔවුන් විවිධ ප්‍රාදේශීය රෝහල් වෙත යොමු කර ඇති බව ද සඳහන්.

Arema කණ්ඩායම පරාජය වීමෙන් පසු දහස් ගණන් ක්‍රීඩා ලෝලීන් පිටියට කඩා වැදීමත් සමඟ ගැටුම ආරම්භ වූ බව වාර්තා වනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා එරට ආරක්ෂක අංශ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව සඳහන්.

මෙම සිද්ධිය හේතුවෙන් ඉන්දුනීසියානු ලීගය සතියක කාලයකට අත්හිටුවා තිබෙනවා.

PT Liga Indonesia Baru හි සභාපති Akhmad Hadian Lukita පැවසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වන අතර දැඩි ලෙස කනගාටු වන බවයි.

https://cnn.it/3y7RTbM

COMMENTS