සජිත් ඇමති සමයේ වෙච්ච වැඩක් විගණකාධිපති හෙළි කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015 – 2019 අතර කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ රුපියල් බිලියන ගණනක අවභාවිතාවක් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ 2019 වසරේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායමද ඉක්මවා මුදල් වියදම් කර ඇති බවයි.
මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහා අරමුදල් සැපයෙන්නේ දෙස් විදෙස් සංදචාරකයින් සංස්කෘතික උරුමයන් නැරඹීම සඳහා ලබාගන්නා ප්‍රවේශපත්‍ර ආදායමෙන්.
ඒ අනුව 2015 සහ 2019 අතර කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබුණු ආදායමෙන් 38%ත් 58%ත් අතර මුදලක් වැය කර තිබෙන්නේ සේවක නඩත්තුව සඳහා බව විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.
කෙසේ වෙතත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රමුඛතම අරමුණ වන පුරාවිද්‍යා කැනීම් සහ සංරක්ෂණ කටයුතු වලට මුදල් වෙන් කර ඇත්තේ ඉතා අවම ප්‍රතිශතයක් බවයි එහි දැක්වෙන්නේ.
එමෙන්ම 2015 – 2019 අතර කාලසීමාව තුළදී මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහා අනුමත සීමාව ඉක්මවා කාර්යමණ්ඩලයක් බඳවාගෙන තිබෙනවා.
කාර්ය මණ්ඩල සංයුතියේ නොමැති තනතුරු සඳහා ද බඳවාගැනීම් සිදුකර ඇති බවයි විගණකාධිපති වාර්තාවේ දැක්වෙන්නේ.
2017 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාවේ තනතුරු තුළ ඇතුළත් නොවූ මුරකරුවන් 2271ක් සහ කම්කරුවන් 1130ක් වශයෙන් සේවකයින් 3401ක් බඳවාගෙන තිබෙනවා.
2019 වසර තුළ බඳවාගෙන ඇති අතිරේක සේවක සංඛ්‍යාව 1596ක්.
2018 වසරේදී බඳවාගත් සේවකයින් සඳහා රුපියල් 479,356,993ක් වැය කර ඇති බවත් 2019 වසරේ බඳවාගත් සේවකයින් සඳහා රුපියල් 581,773,108 ක් වැය කර ඇති බවත් අදාළ වාර්තාවේ සඳහන්.
ඒ අනුව 2019 වසරේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ශික ආදායම රුපියල් බිලියන 4.037 ක් වූ අතර වියදම රුපලියල් බිලියන 4.168ක්.
ඒ අනුව එම වර්ශයේ රුපියල් බිලියන 0.131ක් ආදායම ඉක්මවා වියදම් කර ඇති බවයි විගණකාධිපති වාර්තවේ දැක්වෙන්නේ.

