අපි අරගලයේ හිටියේ නැතිවුණාට සයිඩ් සපෝට් එක දුන්නා – විජිත් විජයමුණි සොයිසා

අපි අරගලයේ හිටියේ නැතිවුණාට සයිඩ් සපෝට් එක දුන්නා – විජිත් විජයමුණි සොයිසා

රටේ නිර්මාණය වූ ජනතා අරගලය ජයග්‍රහණය කරා ගෙනයාමට නොහැකි වූයේ එහි දේශපාලන නායකත්වයක් නොතිබුණු නිසා බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

විජිත් විජයමුණි සොයිසා මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති සමගි ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

“අරගලයේ හිටියෙ නැතිවුණාට අපි සයිඩ් සපෝට් එක දුන්නා. හැබැයි ඒ අරගලය ජයග්‍රහණය කරා ගෙනයන්න බැරිවුණා. ඒකට හේතුව තමයි දේශපාලන නායකත්වයක් නෑ එතන. ජනාධිපති මන්දිරය ඇල්ලුවා. ඉන්න හිතෙන රටක් හදන්න ආපු ගෝඨාභයට යන්න රටක් හොයාගන්න බැරිවුණා. නේද ? අන්තිමට එහෙ මෙහෙ ඉබාගාතෙ ඇවිදලා දැන් ආපහු ලංකාවට ඇවිල්ලා ඉන්නවා. අනේ ඒ තරම් මිනිහෙක් මේ දේශපාලනෙත් කාපු, රටත් කාපු, අපිත් කාපු මිනිහෙක්. ශාසනෙයි පඬු හැළියයි දෙකටම කෙළියා. ඒ තරමට දේශපාලනයත් දේශපාලකයොත් පාර්ලිමේන්තුවත් තුට්ටු දෙකට ඇදලා දැම්මා. අපට දැන් පොඩි චකිතයක්, බියක්, සාංකාවක් දැනෙනවා. මොකද තාම රාජපක්ෂලා හොල්මන් කරනවා. මං අප්පච්චි මළා කිව්වට මුන්ගේ පෙට්ටියට ඇණේ ගහන්න බැරිවුණානෙ. ඒකනේ කෙළිය ! පෙට්ටියට ඇණ ගහන්නත් බැරිවුණා, වළදාන්නත් බැරිවුණා !” යනුවෙන් පැවසීය.