ජනපති උමංදාවට (Photos)

ජනපති උමංදාවට (Photos)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (02) පස්වරුවේ උමන්දාව විශ්වගම්මානයේ සංචාරයක නිරත වී තිබෙනවා.

රටේ පවතින ආර්ථික අර්බුදයට කෘෂිකාර්මික හා අපනයන ආශිත කර්මාන්ත නගා සිටුවිමේ අරමුණ ඇතිව ජනාධිපතිවරයා විසින් සිදුකරගෙන යන වැඩපිළිවෙලෙහි එක් පියවරක් ලෙස මෙලෙස උමංදාවට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

උමංදාව විශ්ව ගම්මානය ආශිතව ජාත්‍යන්තර කෘෂි විද්‍යාලයක් පිහිටුවීමටත්, උමංදාවට වැනි ගම්මාන දෙකක් දිවයිනේ උතුරේ සහ දකුණේ පිහිටුවීමටත් මෙහි දී සිරි සමන්තබද්‍ර හිමි සමඟ සාකච්ඡා කර තිබෙනවා.

මෙම සංචාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ද එක් වී ඇත.