පියාසර කරමින් තිබූ ගුවන් යානයකට වෙඩි ප්‍රහාරයක්

පියාසර කරමින් තිබූ ගුවන් යානයකට වෙඩි ප්‍රහාරයක්

මියන්මාරයේ නෙපිටෝ නුවර සිට ලොයිකෝ නුවර තෙක් පියාසර කරමින් තිබුණු ගුවන් යානයක ගමන් ගත් මගියෙකු වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ බව මියන්මාර මාධ්‍ය පවසයි.

මියන්මාර ජාතික ගුවන් සේවයට අයත් ගුවන් යානය අඩි 3000 ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී පොළොවේ සිට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් යානය පසාරු කරමින් ගුවන් යානයේ ගමන් ගත් 27 හැවිරිදි මගියාට වැදී ඇත.

එම අවස්ථාවේ යානයේ සිටි සියලු මගීන් ගණන 53 කි.

වෙඩි උණ්ඩය වැදී ඇත්තේ මගියාගේ ගෙල ප්‍රදේශයට වන අතර ඔහුට බරපතල අනතුරක් සිදු නොවිණි.

මියන්මාර හමුදා ප්‍රධානීන් චෝදනා නගමින් පවසා ඇත්තේ ගුවන් යානයට වෙඩි තැබුවේ කැරලිකාරකාර කණ්ඩායම් බවය.

මෙම සිද්ධිය හේතුවෙන් ලොයිකෝ වෙත ගුවන් ටිකට්පත් වෙන්කිරීම තාවකාලිකව නවතා දමා ඇති අතර මියන්මාර හමුදා ගුවන් තොටුපොළ ආශ්‍රිතව ආරක්ෂාව තර කර ඇතැයි මියන්මාර මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.

https://bit.ly/3SyWSdE