මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් වසර තුනක් තුළ අවසන් කරනවා

මහනුවර – ගුඩ් ෂෙඩ්හි බහුවිධ ප්‍රවාහන පර්යන්තය සිය අමාත්‍යාංශය යටතට පවරාගෙන එහි ඉදිකිරීම් කටයුතු ඉදිරි වසර තුන තුළ අවසන් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඒ, වසර 3 ක කාලයක් ඉදිකිරීම් නැවතුණු එම ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවට අද එක්වෙමින්.
මේ සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා ඇති බවත්, දින 45 ක් තුළ එම කටයුතු අවසන් කර ඉදිකිරීම් එහි ආරම්භ කරන බවයි අමාත්‍යවරයා එහි දී සඳහන් කර ඇත්තේ.
බස් සහ දුම්රිය ඒකාබද්ධ ප්‍රවාහන සේවාව, සිය වාහන නවතා පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමේ පාක් ඇන්ඩ් රයිඩ් පහසුකම් මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් සැපයෙනු ඇති.

