ජාතික සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නෑ – පක්ෂයෙන් නිවේදනයක්

සර්ව පාක්ෂික ආණ්ඩුව සහ ජාතික සභාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එමගින් ඔවුන් දැනුම් දෙන්නේ, ජාතික සභාව නියෝජනය කිරීමෙන් වැළකී සිටීමට පක්ෂය තීරණය කර ඇති බව ය.
කෙසේ නමුත්, රාජ්‍යයේත්, ජාතියෙත් යහපත සහ සුරක්ෂිතතාව හේතුකොට ගෙන ආණ්ඩුව ගනු ලබන ඕනෑ ම සාධනීය ප්‍රතිපත්තිමය තීරණයකදී පටු දේශපාලන වාසි නොතකා විපක්ෂයේ සිට සහය දැක්වීමට කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වේ.
එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, යෝජිත ජාතික සභාවට සහභාගි වීමෙන් වැළකී සිටීමට තීරණය කළ සියලු දේශපාලන පක්ෂ වෙත තම අචාරය පුදකර සිටින බව බව ය.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.



