පොලීසියේ වැරදුණු ඉලක්කයෙන් තරුණියකට දිවි අහිමි වෙයි

ගම්පහ – දංඕවිට ප්‍රදේශයේදී කොල්ලකරුවන් පිරිසකට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් ඒ අසලින් ධාවනය වෙමින් තිබු බස් රථයක සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් තිබුණේ බෙන්තොට හබුරුගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණියක්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
ගම්පහ – දංඕවිට මත්පැන් අලෙවිසැළකට පිරිසක් මෝටර් රථයකින් පැමිණ තිබුණේ එම වෙළදසැල කොල්ලකෑමේ අරමුණින්.ලද තොරතුරකට අනුව දංඕවිට පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ තිබුණා.
එහිදී පලායාමට උත්සාහ කළ කොල්ලකරුවන් හට පොලිසිය වෙඩි තබා තිබෙනවා.
ඒ අසලින් ධාවනය වූ බස් රථයක ගමන් ගත් තරුණියකට ද එහිදි වෙඩි වැදී ඇති අතර රෝහල්ගත කරන විටත් ඇය මියගොස් තිබුණා.
එලෙස මියගිය 29 හැවිරිදි ඉරේෂා ශ්‍යාමලී නමැති තරුණියගේ මෘත දේහය මේ වනවිට වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති බවයි රෝහල් පොලිසිය සඳහන් කළේ.
වෙඩි වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙකු ද රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.
කොල්ලකෑම් කිහිපයක් සිදු කර මෙම ස්ථානයට පැමිණි කොල්ලකරුවන් ගමන්ගත් වෑන් රථය මහනුවර ප්‍රදේශයෙන් සොරකම් කළ වාහනයක් බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
ඊයේ (02) පස්වරුවේ ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුව කොල්ලකරුවන් පැමිණි මෝටර් රථයේ ඇඟිලි සලකුණු ලබාගත් අතර මෝටර් රථයේ තිබී ව්‍යාජ ගිනිඅවියක්,පිහියක්, CCTV දත්ත ගබඩා දෙකක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

